MCC ගිවිසුම අදාළ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ඇමරිකානු නියෝජිතයෙක් මෙරටට

0
452

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අදාළ ඉදිරි වැඩ කටයුතු සිදු කරගෙන යාම සඳහා ඇමරිකානු නියෝජිතයෙක් මේ මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

නේපාලයේ මෙම ගිවිසුම අත්සන් තැබීමට මුල්වී කටයුතු කල පුද්ගලයා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද හෙතෙම කියා සිටියේය.

යහ පාලන සමයේ අත්සන් කරන්නට ගියද ජනතා විරෝධය මත වැලකී ගිය එම ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට වත්මන් පාලනය යටතේ පැමිණෙන්නේ දැන් ඔවුන්ට හිතවාදී පාලනයක් ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන බවට ඇතිව තිබෙන විශ්වාසය නිසා විය හැකි ඉබද හෙතෙම පැවසීය.

සිරස නිව්ස් ෆස්ට් යූ ටියුබ් නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙි බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here