පාන් මිල රු:30 කින් ඉහළට

0
343

පාන්පිටි මිල රුපියල් 159 දක්වා මිල ඉහළ යාම හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් 30 අතර මිලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.

ඒ අනුව පාන් ගෙඩියක නව මිල රුපියල් 110 ත් 130 ත් අතර මුදලක් වනවා.

ඊට සාපෙක්ෂව බනිස් ගෙඩියක් රුපියල් 10කින්ද සෙසු බේකරි නිෂ්පාදනය ඉහළ දමන බව ජයවර්ධන මහතා කියා සිටියේය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කලේ ඩොලරයේ මිළ ඉහළ යාමත් ඉන්ධන මිළ වැඩිවිමත් හමුවේ සියලු අමුද්‍රව්‍ය මිළ වැඩිවීම මීට හේතුව බවයි.

මේ අනුව අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද රුපියල් 10 කින් ඉහළ දැමෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here