මාතර 08 හැවිරිදි දරුවෙකුට මරු කැඳවූ අනතුර..

0
439

මාතර, දේවාලේගම ප්‍රදේශයේදී නිවසක සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

නිවසේ තිබූ කොන්ක්‍රීට් කණුවක් හිස මතට කඩා වැටීමෙන් අදාළ දරුවා මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ 08 හැවිරිදි කුඩා දරුවෙක් බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මොළයේ අභ්‍යන්තර ලේ වහනයක් සිදු වීම දරුවා මියයාමට හේතුව බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් හක්මන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here