සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළ ගියහොත් අවම බස් ගාස්තුව 30 දක්වා ඉහළ දැමීමට ඉල්ලීම්. ත්‍රී වීලර් ගාස්තුත් ඒකේ මීටරේ වැඩි වෙයි

0
461

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල වැඩිකළ අයුරින් සිපෙට්කා සමාගම ද මිල ඉහළ නංවනු ලැබුවහොත් රුපියල් දාහතේ අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරිමට සිදුවන බවයි.

එසේම ත්‍රීරෝධ රථ ගමන් ගාස්තුව ධාවනයේදි පළමු කිලෝමීටරය සඳහා රුපියල් 80 ක් ලෙසත් දෙවැනි කිලෝමීටරය සඳහා රුපියල් 50 ක් ලෙස අය කිරීම සාධාරණ බව සමස්ථ ලංකා ත්‍රීරෝධ රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතිය යෝජනා කරයි.

එහි සභාපති ලලිත් ධර්මසේකර  කියා සිටියේ ඉන්ධන මිළ ඉහල යාම ඇතුළු කරුණු කිහිපයක් මත සලකා බැලීමේදි එය සාධාරණ ගාස්තුවක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here