ණය අර්බුදය ගැන සාකච්ඡා කරන්න බැසිල් IMF යන්න සැරසෙයි

0
293

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විදේශ විනිමය හිඟය කළමනාකරණය කිරීම ඇතුළුව රටට උපකාර කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව, ලබන මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා ආරම්භ කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 2.31 ක පහළ අගයක පැවතීමත් සමඟ ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළු තීරණාත්මක ආනයන සඳහා ගෙවීම සම්බන්ධයෙන් වන අපහසු තත්ත්වයකට මුහුණ පා සිටියි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීම වැළැක්වීමට අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස විපක්ෂ දේශපාලඥයින් සහ ආර්ථික විශේෂඥයින් විසින් කරන ලද ඉල්ලීම් නොතකා ශ්‍රී ලංකා ආණ්ඩුව සහ මහ බැංකුවෙන් මාස ගනනාවකට පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් පැතීමට සුදානම් වී ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටින්නේ.

ජුලි මාසයේදී කල් පිරෙන ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් ඇතුළුව මේ වසරේ දී ඩොලර් බිලියන 4 ක පමණ විදේශ ණය ගෙවීමට සිදුව ඇත.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටියත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නොලැබූ බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ.

දැනට පවතින සාකච්ඡා පිළිබඳ මූලාශ්‍ර 3ක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසුවේ, ශ්‍රී ලංකාවේ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ නිලධාරීන්ට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අප්‍රේල් මැද භාගයේදී වොෂින්ටනය වෙත යනු ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here