ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් සමග ඉදිරි සති කිහිපය තුළ ශ්‍රී ලංකා රජය සාකච්ඡා පවත්වන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළව නොවන බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ මෙම සාකච්ඡා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළව පැවැත්වෙන බවට පළව තිබෙන ඇතැම් වාර්තා සාවද්‍ය බවයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
මෙි අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙකු ලබන සඳුදා (14) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් මෙරට රජයේ ආරාධනයක් අනුව IMF නියෝජිතයන් පැමිණෙන බවයි වාර්තා වන්නේ.
ඔවුන් ශ්‍රී ලංකා රජයේ ආරාධනය පිළිගෙන ලබන සඳුදා දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් එදිනම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිත අතර අඟහරුවාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි අනාගත ණයක් සඳහා යෝජනාවක් ද ඉදිරිපත් කරනු ඇත.
දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව IMF හමුවට යායුතු බවට ආර්ථික විශේෂඥයන්, දේශපාලන පක්ෂ ආණ්ඩුවට දැඩිලෙස බලපෑම් සිදුකළ අතර කෙසේ නමුත් ආණ්ඩුවේ ප්‍රධානීන් දිගින් දිගටම ප්‍රකාශ කළේ IMF හමුවට යාමට තරම් අර්බුදයක් නොමැති බවයි. එසේම ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟ විය නොහැකි බවද ආණ්ඩුවේ නියෝජිතයන් දිගින් දිගටම අවධාරණය කළේය.
කෙසේ නමුත් මේ වනවිට ආර්ථික අර්බුදය උග්‍ර තත්වයට පත්ව ඇති අතර විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසන්නේ රට බංකොලොත් වීම ආසන්නයේ බවයි.