ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද දිනයේ නිකුත් වන ලකුණු !

0
353

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල බොහෝ දුරට අද (13) දිනයේදී නිකුත් කිරීමට උත්සාහ දරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසනවා.

කෙසේ වෙතත්, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රිය වනවිට නිකුත් කරන ලෙස නියෝග කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගාල්ල – පිටිගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියා.

පසුගිය ජනවාරි 22 වැනිදා පැවති 2021 – පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943කදී පෙනී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here