Sunday, September 22, 2024

පොලිස් රෝහලේ -කෝටි 10කට අධික ඖෂධ වංචාවක්

නාරාහේන්පිට ‍පොලිස් රෝහ‍ලේ පසුගිය වසර කිහිපය තුළ රුපියල් කෝටි 10කට අධික ඖෂධ වංචාවක් සිදුව ඇති බවත් රුපියල් කෝටි ගණනක ඖෂධ රෝහලින් පන්නා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කරන විමර්ශනයේදී අනාවරණය වී තිබේ. ඇතැම් වෛද්‍යවරු පවා වංචා සහගත ලෙස රෝහලින් පිටකර සිය පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලින් රැගෙන යන බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.  එබැවින් ‍පොලිස් රෝහ‍ලේ ඖෂධ මිලදී ගැනීම් සහ ඖෂධ නිකුත් කිරීම් සම්බන්ධයෙන් පූර්ණ විගණනයක් විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමේ නියෝගයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් ලබාගෙන තිබේ.‍පොලිස් රෝහල තුළ පසුගිය කාලය පුරාවට සිදුව ඇති ඖෂධ ජාවාරම ඇතුළු ද්‍රව්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ කරනුයේ අධිකරණයට ‍පොදු දේ‍පොළ පනතින් කරුණු වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles