Friday, November 15, 2024

පාසල් ජල බිල්පත්වල බරත් දෙමව්පියන්ගේ කර මතට පැටවෙන ලකුණු

මෙතෙක් කලක් භාණ්ඩාගාරය මගින් ගෙවනු ලැබූ පාසල් ජල බිල මින් ඉදිරිය‌ට අදාළ පාසල් විසින්ම ගෙවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලු පාසල් ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පාසල් ජල බිල්පත් ගෙවන ලෙස දන්වා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රජයේ පාසල් වෙත චක්‍රලේඛයක් යවා ඇත.

මෙතෙක් පාසල්වල ජල බිල්පත් ගෙවීම සඳහා යවනු ලැබුවේ මහා භාණ්ඩාගාරය වෙත ය.

මහා භාණ්ඩාගාරයෙන් බිල නොගෙවන බැවින් පාසල්වලින් අය කර ගැනීමට තීරණය කළ බව ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

පාසල්වල භාවිත කරන ජලය වෙනුවෙන් වසරකට රුපියල් කෝටි දහයකට ආසන්න ජල බිලක් මහා භාණ්ඩාගාරයෙන් ගෙවිය යුතු වුවත් කිසිදු අවස්ථාවක පාසල් ජල බිල් ගෙවීමට පියවර ගෙන නොමැති බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

රජයේ මෙම තීරණය නිසා විදුහල්පතිවරු දැඩි අසීරුතාවකට පත්වී සිටින බවයි කියන්නේ.

මෙම ජල බිල ගෙවීම පාසල් වෙත පැවරීම නිසා ඒ සඳහා දරුවන්ගෙන් මුදල් එකතු කිරීමට සිදුවන බැවින් වහාම මෙම තීරණය ඉවත් කර ගන්නා ලෙසට රජයට දැනුම් දී ඇතැයිද ජෝශප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කරනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසන්නේ දැනටමත් ජීවන බරින් කරවටක් ගිලී සිටින දෙමාපියන් මතට ආණ්ඩුව දරුවන්ගේ ජල බිලත් පැටවීමට ගෙන ඇති තීරණය වහා හකුලා ගත යුතු බවයි. අධ්‍යාපනයේ බර දැරීම දෙමාපියන් මත පටවන ආණ්ඩුවේ උත්සහය පරාජය කළ යුතු බවට ඔහු යෝජනා කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles