උද්ධමනයෙන් ආසියානු කලාපයේ ඉහළම රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි

0
281

පසුගිය මාසයේ මෙරට උද්ධමනය සියයට 16.8 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි ආහාර සඳහා සියයට 11.4 ක් ද ආහාර නොවන ද්‍රව්‍ය සඳහා සියයට 5.4 ක් ඇතුළත් බවයි එම දෙපාර්තමේන්තුව ඊයේ (21) නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 13.7 ක්ව පැවති අතර එම මාසයට සාපේක්ෂව පසුගිය ජනවාරි මාසයේ උද්ධමනයේ වෙනස සියයට 3.1 ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here