Sunday, September 22, 2024

Huawei P9 ස්මාර්ට්ෆෝන් අලෙවිය සඳහා ඩයලොග් එක්වෙයි

ඩයලොග් ආසියාටා මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනයක් වන  Huawei හා එක්ව නවතම Huawei P9 ස්මාර්ට්ෆෝනය ඩයලොග් මධ්‍යස්ථාන ජාලය ඔස්සේ අලෙවි කිරීමට කටයුතු යොදා ඇත. Huawei ප්‍රධාන විධායක නිලධාරී ෂුන්ලි වැන්ග් Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානී හෙන්රි ලියු සහ ඩයලොග් ආසියාටාහි කළමනාකාරීත්වය වෙනුවෙන් සැන්ඩ්‍රා ද සොයිසා, ශ්‍යාම් මජීඩ්, අමලි නානායක්කාර, ඇන්තනි රොද්‍රිගු, අසංග ප්‍රියදර්ශන, සරීනා රහීම්, රමනන් දේවරාගම් මෙන්ම කල්බ් විෂන් සාමාජිකයින් 100 දෙනකුගේ සහභාගිත්වයෙන්Dialog lconic – DIgital Experience Centre හි පැවැති උත්සවයකදී මෙම අලෙවි සහයෝගිතා වැඩසටහන දියත් කෙරිණ.
මෙම එකඟතාවට අනුව සියලුම ඩයලොග් ක්ලබ් විෂන් සාමාජිකයින්ට නවතම ඉහළ පරාසයේ Huawei P9  ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි. ඔවුන් සඳහා විශේෂ දීමනා රැසක්ද ක්‍රියාත්මක වෙයි. ලොව සුපිරිතම Leica තාක්ෂණයට අනුව නිපදවූ ද්විත්ව ලෙන්ස් සහිත  Huawei p9  ස්මාර්ට්ෆෝන් තෝරාගත් ඩයලොග් අලෙවි මධ්‍යස්ථානවලදී මිලදී ගැනීමට ද අවස්ථාව උදාවේ.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානී හෙන්රි ලියු මහතා සඳහන් කළේ මෙරට විශාලතම ජංගම දුරකථන සේවා සැපයුම්කරු හා ඒකාබද්ධ වී කටයුතු කිරීමට හිමිවූ අවස්ථාව පිළිබඳව සතුටට පත්වන බවය. මෙම සහයෝගිතාව මගින් සිය බෙදාහැරීම් ජාලය තවදුරටත් පුළුල් කිරීමට හැකිවන බවත් එමගින් Huawei නිෂ්පාදන කෙරෙහි උනන්දු වන්නන්ට සුපිරිතම ස්මාර්ට්ෆෝනයක් වන Huawei P9 මිලදී ගැනීමට නව අවස්ථාවන් රැසක් උදාවන බවත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles