Friday, November 15, 2024

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ දාන්න ලිට්‍රෝ සමාගම අවසර ඉල්ලයි

ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ දැමීමට එම සමාගම අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

එහි කරුණු දක්වා ඇත් පරිදි ලෝක වෙළඳපොළ තුළ ගෑස් මිල ඉහළ යෑම මෙන්ම ඩොලරයේ අගය ඉහළ යාමට සමගාමීව ගෑස් මිල ඉහළදමා දෙන ලෙස දන්වා ඇත.රුපියල් 2675ක සිලින්ඩරයක් රුපියල් 3510කට වැඩි කළ යුතු බවත් නැතිනම් ‘පාඩු පිට බිස්නස්‘ කළ නොහැති බවත් එහි විස්තර කර තිබේ.

රුපියල් 2675ක සිලින්ඩරයක් රුපියල් 3510කට වැඩි කළ යුතු බවත් නැතිනම් ‘පාඩු පිට බිස්නස්‘ කළ නොහැති බවත් එහි විස්තර කර තිබේ.ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වන විට රුපියල් 2,675 කට අළෙවි කරන අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉල්ලීමට අනුව රුපියල් 835 කින් මිල වැඩි කළහොත් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3510 ක් බවට පත්වේ.

මේ වන විටත් වෙළඳපොළේ අධික ගෑස් හිඟය නිසා ගෑස් සිලින්ඩර කලු කඩ මිළ ගණන් යටතේ අලෙවි වන අතර ඇතැම් පිරිස් සංවිධානාත්මකව ගෑස් තොග ලබාගෙන වැඩිමිලට අලෙවි කරන ජාවාරම්ද ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී තිබේ.
රජය අදාළ ඉල්ලීමට අවසර දුනහොත් රුපියල් 835 වැනි ඉහළ මිලකින් එකවර ගෑස් මිල වැඩිවන්නේ පළමු වතාවටය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles