Friday, September 20, 2024

ඉල්ලීම් කළ පරිදි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ලැබුණු වන්දි මුදල මෙන්න

මෙරට මුහුදු තීරයේ දී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සඳහා මාස 03 ක කාලයක් තුළ සිදුකළ වියදම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් විසි එක් ලක්ෂ පනස් දහසක මුදලක් මේ වනවිට ලැබී ඇති බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර සඳහන් කළා.

පසුගිය වසරේ ජූනි 3 වනදා සිට අගෝස්තු 31 දක්වා කාළය තුළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සඳහා වැය කළ වියදම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 04 ක වන්දියක් ලබාදෙන ලෙස නෞකාව හිමි සමාගමෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එම මුදලින් කොටසක් ලෙස අදාළ මුදල මෙරටට ලැබී ඇත.

ඒ මෙම මුදල ලැබී ඇත්තේ පසුගිය වසරේ එකී කාලය තුළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සඳහා වැය කළ වියදම් වෙනුවෙන් ඉහත කී ඇමරිකානු ඩොලර් මිලියන 04 ක වන්දියක් ලබාදෙන ලෙස නෞකාව හිමි සමාගමෙන් ඉල්ලීමක් කර තිබූ ඉල්ලීමට අනුවයි.

එසේම පසුගිය වසරේ සැප්තැම්බර් 1 සිට නොවැම්බර් 30 දක්වා කාළය තුල සිදු වූ වියදම් සම්බන්ධයෙන් ද වාර්තාවක් ද වන්දි ලබා ගැනීම සඳහා සැකසෙනු ඇති.

ලහඳපුර මහත්මිය සදහන් කරන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් 1 සිට නොවැම්බර් 30 දක්වා කාළය තුල සිදු වූ වියදම් සම්බන්ධයෙන්ද වාර්තාවක් ඉදිරිපත් කර වන්දි ලබාගැනීමට කටයුතු කරන බවයි.

එය ඉල්ලුම් කළ සම්පූර්ණ මුදලින් කොටසක් පමණක් වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles