Saturday, September 21, 2024

බදු අනුපාත සහ VAT ඉහළ දාන්න. පැමිණි IMF නියෝජිතයින් කොන්දේසි දමයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‌නියෝජිතයන් විසින් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට නියමිත පළමු කොන්දේසිය මේ වනවිට අනාවරණය වී ඇත.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවල වර්තාවක් රජයට ලබා දී ඇති අතර ,එමගින් නිර්දේශ මාලාවක්ද රජයට යෝජනා කර ඇත.

ඒ අනුව ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ .

තවද බදු නිදහස් කිරීම් අවම කිරීමටත් ආදායම් පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් එම නිර්දේශ මගින් යෝජනා කර තිබේ.

සියලුම භාණ්ඩ හා සේවාවන්වලට බලපාන පරිදි වැටි බද්ද 15% දක්වා ඉහළ නැංවිය යුතු බව එහි පළමු යෝජනාව වි ඇත.මේ වනවිට වැට් බද්ද පවතින්නේ 8%ක ප්‍රතිශතයකය.

15%ට තිබූ වැට් බද්ද 8% දක්වා පහත දැම්මේ 2019 දෙසැම්බර් 01 දින සිට සංචාරක ක්ෂේත්‍රයේ සියලුම සේවාවන් වැට් බද්දෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබිණ.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා උපායමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ද යෝජනා කර ඇත.

රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිල ගණන් වැඩි කරන ලෙසත් එම කමිටුව රජයට නිර්දේශ කර තිබේ.

ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන කරන්නැයි ද යෝජනා කර ඇත .

ජාත්‍යන්තර සංචිත නැවත ගොඩනැංවීම සඳහා වෙළඳපොළ විසින් තීරණය කරනු ලබන නම්‍යශීලී විනිමය අනුපාතිකයකට නැවත යොමුවන ලෙස ද කමිටුව යෝජනා කර ඇත .

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීම සහ පාලනය ශක්තිමත් කිරීමටත් , දූෂණයට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩ උත්සාහයක් දරන ලෙසත් කමිටුව යෝජනා කර ඇත .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles