Sunday, September 22, 2024

යුක්‍රේනයට අවි සපයන රථවලට පහරදෙන බවට රුසියාවෙන් අනතුරු අඟවයි

රුසියාව විසින් බටහිර සහ යුරෝපානු රටවලට තවත් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, එම රටවල් යුක්රේනයට යුධ ආධාර ලබාදීමට එරෙහිවයි.

ඒ අනුව බටහිර හා යුරෝපානු රටවලින් යුක්රේනය වෙත අවි ආයුද සැපයීම භයානක පියවරක් වනු ඇති බවටයි රුසියාව, අමරිකාව වෙත අනතුරු අගවා ඇත්තේ. රාජ්‍ය රූපවාහිනිය හරහා ප්‍රකාශයක් සිදුකරමින් රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ජි රියාබ්කොව් පැවසුවේ එලෙස යුක්රේනයට බටහිර හා යුරොපානු අවි ආයුධ සපයන රථ වේ නම් ඒවා රුසියාවේ නීත්‍යානුකූල ඉලක්ක වියහැකි බවයි.

ඇමරිකාව, සිය රට සිදුකරන ඇඟවීම් බැරෑරුම් ලෙස නොසලකන බව පෙනී යන බවයි රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පැවසුවේ. කෙසේවෙතත් යුක්රේනය සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාමය ක්‍රියාවලියකට යොමු නොවන බවත් රුසියානු විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles