Monday, September 23, 2024

ලංගමට වැටුප් ගෙවන්න මිලියන 1350 බැඟින් මාසිකව රජයෙන්..

ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා මාධ්‍යට පවසා ඇති අන්දමට, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවත්නා ආර්ථික තත්ත්වය මත එය විශාල කඩා වැටීමකට ලක්ව තිබෙණවා.

ඇමැතිවරයා පවසා ඇති අන්දමට, මසකට වැටුප් ගෙවීම සඳහා රජයෙන් මිලියන 1350ක මුදලක් ලබා ගැනීමට සිදුව ඇති නමුත් එමඟින් 36700 ක් වූ සේවකයන් පිරිසට එයින් ලබාදිය හැක්කේ රුපියල් 16200/- ක මුදලක් පමණයි. සෙසු මුදල් බස් රථ ධාවනයෙන් උපයා වැටුප් ලෙස‍ ගෙවිය යුතු වෙනවා. ලංගම බස් රථ 5500 උදෙසා සේවකයන් 36700 ක් සිටිනවා. මේ නිසා, එක් බස් රථයකින් 7 දෙනකු පමණ යැපෙනවා.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ නොකළහොත් ලංගම කඩා වැටීම නැවැත්විය නොහැකි බවත්ය. රියැදුරන් 10,500 ක්, කොන්දොස්තරවරුන් 10,400 ක් හා කාර්මිකයන් 6200ක් සිටින බවත් 9750ක් ලංගමයේ සෙසු රාජකාරි සඳහා සිටින බව ඇමතිවරයා පවසා ඇත. ඔහු පවසන අන්දමට, ලංගම මඟින් ප්‍රවාහනය කරනු ලබන්නේ සමස්ත මගී ප්‍රමාණයෙන් 8.4%කි. මේ තත්ත්වය වර්ධනය කිරීම උදෙසා අනවශ්‍ය සේවකයන් ඉවත් කර බස් රථ ධාරිතාව වැඩි කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ, දැනට දිනකට මගීන් ලක්ෂ 22ත් 25ත් අතර ප්‍රමාණයක් ලංගම මගීන් ප්‍රවාහනය කෙරෙන අතර කිලෝමීටර ලක්ෂ 12ක් ධාවනය කරන බවත් මේ තත්ත්වය දෙගුණයක් දක්වාවත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු පවසා ඇත. පසුගිය රජය සමයේ ගෙවා නොතිබූ මිලියන 10700 ක අර්ථ සාධක අරමුදල් පවා මේ රජයට ගෙවීමට සිදුව ඇතැයි ද ඔහු පවසලා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles