ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙකු වන විශ්ව ලංකා මහතා මාධ්‍යය ජාලයට එක් කර ඇති වීඩියෝවක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතනුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ පියා සහ බාප්පා වන බැසිල් රාජපක්ෂ මහතා හැකි ඉක්මනින් ආපසු අමෙරිකාවට ගෙන්වා ගන්නා ලෙසයි.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මිනිසුන්ගෙන් බැනුම් ඇසිය යුතු කෙනෙකු නොවන බවත් මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා රටම බංකොලොත් තත්වයට පත් කර ඇති හෙයින් ඉතිරි වී තිබෙන දෙයින් හෝ ශ්‍රී ලංකාවාසීන්ට දුකක් කරදරයක් නැතිව ජීවත් වීමට නම් වහාම බැසිල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවට ගෙන්වා ගන්නා ලෙසයි.