බැසිල් රාජපක්ෂ නම් අවලස්සන ඇමරිකානුවා විසින් මේ ශ්‍රී ලංකාව විනාශ කරමින් සිටින බව හිටපු බලශක්ති අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
අද ඇතිව තිබෙන ඩොලර් අර්බුදයට වගකිව යුත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ බවත් මේ රට බංකොලොත් වුණා නොව බංකොලොත් කර ඇති බවත් හෙතෙම කියා සිටී.
බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාව බංකොලොත් කරමින් සිටින්නේ ඇමරිකානු උවමනාවට බව ද හෙතෙම චෝදනා කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අවලංගු කාසියක් වී ඇති බවත් රට පාලනය කරන්නේ ජනාධිපති හෝ අගමැති නොව බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් හෙතෙම පැවසීය.
Truth With Chamuditha අන්තර්ජාල නාලිකාව සමග සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කළේය.
මෙි අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසුවෙි තමා අමාත්‍යධුරයෙන් ඉවත් කලද රටේ පවතින සැබෑ ගැටලුවලට මේ දක්වා විසදුමක් හිමිව නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
එක දවසකදි ඉන්ධන මත අයකරන බදු වලින් ආණ්ඩුව රුපියල් මිලියන 750ක් උපයාගන්නා බවත් ඉන්ධන හිඟය ඇති වූයේ තමා හිඟයක් ඇතිවන බව කියූ නිසායැයි ආණ්ඩුව පවසන දේ මුසාවක් බවත් ඔහු කියා සිටිනවා.
ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ සාගර කාරියවසම් නිසැකවම ජීවතුන් අතර නැති බවත් ඔහු සිටියානම් රුපියල් 7කින් ඉන්ධන වැඩිකළ විට දැමූ නිවේදනය මෙවර ද රුපියල් 50 ගණනකින් ඉන්ධන ඉහළ යන විට නිකුත් කරනු ඇති බවයි.
වත්මන් අර්බුද වලට හේතු වී ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නොහැකියාව බව කී මන්ත්‍රීවරයා ඉන්ධන හිඟය ඇතිවූයේ තමන් ඒ සම්බන්ධව අනතුරු හැඟවූ නිසා නම්, පාන්පිටි හිඟය, ගෑස් හිඟය යනාදිය ඇතිවූයේ කෙසේද යන්න ඔහු ප්‍රශ්න කර සිටිනවා.
එම සියළු හිඟයන්ට හේතුව මෙරට විනිමය අනුපාත සම්බන්ධ ගැටළුව සහ ඩොලර් හිඟය බවයි හිටපු අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ.
තමන් ඇතුළු පිරිසට නඩු දමා සිරගත කළත් මුදල් අමාත්‍යවරයා බලයෙන් පහ කිරීමේ කාර්ය නොනවත්වන බවත් ඔහු පවසා සිටිනවා.
උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට කල ප්‍රකාශය
ලංකා ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල වැඩිකිරීම පසුගිය සිකුරාදා සිදුවුණා. පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා, අද ජීවතුන් අතර සිටියානම් ගාමිණි ලොකුගේ ඇමතිතුමාට ඉල්ලා අස්විය යුතුයැයි දැනුම් දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා.
ඉන්ධන මිල මෙතරම් දැවැන්ත ලෙස වැඩි කිරීමට බලපෑ එකම හේතුව ලෝක වෙළෙඳපොළේ මිල වැඩිකිරීම ම නෙමෙයි. තවත් හේතු ගණනාවක් බලපෑවා. ප්‍රධාන හේතුව තමයි විදේශ විනිමය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා රුපියල වසරකට අධික කාලයක් කෘතිමව අල්ලගෙන සිටීම නිසා දැවැන්ත ලෙස රුපියල අවප්‍රමාණය කිරීමට සිදුවීම.
ආණ්ඩුව ඉන්ධන මත අයකරන බදුවලින් එක දවසකට රුපියල් මිලියන 750කට වැඩි මුදලක් උපයා ගන්නවා. ජනතාව මතම මේ බර පටවන්නේ නැතුව, ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හරිමින් මේ බරින් කොටසක් ආණ්ඩුවට ගැනීමේ හැකියාව තිබුණා. බද්ද පොඩ්ඩක් අඩු කරා නම්.”