Monday, September 23, 2024

අගමැතිතුමා අද සිංගප්පූරු බලා පිටත් වෙයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. ඒ සිංගප්පූරුව වෙතයි. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම සංචාරය සඳහා එක්වී සිටිනවා.

මෙම සංචාරයේදී සිංගප්පූරු ජනාධිපති ටෝනි ටැන් කෙං යැම් මහතා සහ අග්‍රාමාත්‍ය ලී ෂියැන් ලුං මහතා සමග ද්වීපාර්ශවික සාකච්ඡාවන්ට සහභාගී වන රනිල් වික්‍රමසිංහ මහතා 18 සහ 19 දෙදින තුළ සිංගප්පූරුවේ රැෆල්ස් නාගරික සම්මන්ත්‍රණ කේන්ද්‍රයේ දී පැවැත්වෙන තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක මුඛ්‍ය දේශනය පැවැත්වීමටද නියමිතයි.

මෙම සමුළුව සඳහා ආරාධිතයන් දහසකට අධික පිරිසක් සහභාගි වනවා. කලාපයේ ප‍්‍රමුඛ ප‍්‍රතිපත්ති සම්පාදකයන්, විද්වතුන් සහ සිවිල් සමාජ නායකයන් පනහකට අධික පිරිසක්ද ඊට සහභාගි වනු ඇති.

කලාපයීය අනාගතයට බලපාන ප‍්‍රතිපත්ති මෙන්ම ආර්ථික හා වෙළෙඳ ක්‍ෂේත‍්‍රයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනවා. 21 වන සියවසෙහි ලෝක දේශපාලන කරලියෙහි දකුණු ආසියානු කලාපයීය භූමිකාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles