Wednesday, September 25, 2024

ආර්ථික අර්බුදයට IMF සහාය ගන්න කැබිනට් අනුමැතිය

මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය යොමුවී තිබේ.

ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් හමුවේ දී මෙම අනුමැතිය හිමිව ඇත.

මේ අතර එම අරමුදලේ ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා ඊයේ දිනයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවි සාකච්ඡාවක නිරත වී ඇත.

එමෙන්ම අද දිනයේ ඔහු ඇතුළු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකාව පිළිබඳව එම අරමුදලේ ඇගයීම් වාර්තාව පිළිබඳව ද මෙහි දී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙි අතර ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පත්කෙරුණු ආර්ථික සභාවට විශේෂඥ උපදෙස් ලබාදීම සඳහා ආර්ථික උපදේශන කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති බව වාර්තා වේ.

මෙම උපදේශක කමිටුවට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින් සහ ප්‍රමුඛ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික සභාව අද (15) රැස්වීමට නියමිත අතර එම රැස්වීමට මෙම උපදේශක කමිටු සාමාජිකයින් ද සහභාගී වීමට නියමිත බවත් වාර්තා විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles