Tuesday, September 24, 2024

ඩීසල් මිල ඉහළ යාම නිමා අන්තර් පළාත් සහ දුර ගමන් සේවා නතර වන ලකුණු

ඩීසල් මිල ඉහළයාම පිළිබඳව පමණක් අවධානය යොමු කරමින් බස් ගාස්තු සංශෝධනය කර ඇති බැවින් අන්තර් පළාත් බස්රථ සේවාවන් නවතා දැමීමට සිදුවන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

බස් ගාස්තුව 15 % කින් පමණක් වැඩිකිරීම කිසිසේත්ම දුරගමන් සේවාවන් පවත්වාගෙන යෑම සදහා ප්‍රමාණවත් නොවන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

ඩීසල් මිල පමණක් නොව ටයර් සහ ටියුබ් මෙන්ම ලිහිසි තෙල් සහ වාහන සේවා ලබාගැනීමේ මිලද ඉහළ ගොස් ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේ හෝ ඉන්ධන මිල පමණක් සලකා බලා බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළහොත් අන්තර් පළාත් සහ දුර ගමන් සේවා ක්‍රියාත්මක කිරීම නතර කිරීමට සිදුවනු ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අතර බස් ගාස්තු 50% කින් ඉහළ දැමිමට සිදුවන බව සමස්ථ ලංකා බස් රථහිමියන්ගේ සංගමය පවසනවා.

ඒ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙනි.

ඒ අනුව අවම ගාස්තුව ඇතැළු සියලු බස් ගාස්තු සියයට 50 කින් වැඩි කිරීමට සිදුවන බව සමස්ථ ලංකා බස් රථහිමියන්ගේ සංගමය පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles