Tuesday, September 24, 2024

සජබෙ විරෝධතා රැළිය නිසා කොළඹ මාර්ග අවහිර වෙයි

“රට විනාසයි – බේරගමු” මැයින් සමගි ජන බලවේගය විසින් සුදානම් කර ඇති විරෝධතා රැළි අද (15) පස්වරු 2 ට කොළඹ මහජන පුස්තකාලය අසලින් සහ මාලිගාවත්ත පොලීසිය අසලින් ආරම්භ වුණා.

සමගි ජන බලවේගයේ විරෝධතා පාගමන් හේතුවෙන් හයිලෙවල් පාර, මරදාන ඇතුළු කොළඹ අවට මාර්ගවල ස්ථාන කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලීසිය පවසා සිටියා.

අද පෙරවරුවේ සිට දිවය‍ිනේ බොහෝ ප්‍රදේශවලින් බස්රථවල නැඟී සමගි ජන බලවේග පාක්ෂිකයන් කොළඹ පැමිණෙමින් සිටියා.

සමගි ජන බලවේගය පක්ෂයේ විරෝධතා පා ගමනක් නිසා කොළඹ අවට මාර්ග කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් මතුව ඇතැයි පොලිසිය පවසයි.මරදාන ,පුරහල යන ප‍්‍රදේශවල මාර්ග මෙම රථවාහන තදබදය මේ වන විට මතුව ඇත.එසේම හයිලෙවල් මාර්ගයෙන්ද කොළඹට ඇතුළුවන ස්ථාන අවට මාර්ග වල රථවාහන තදබදයක් මතුව තිබේ.මෙම විරෝධතා පා ගමන මාලිගාවත්ත සහ පුරහල දෙසින් ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු ඇතුළු පිරිසක් ද මේ විරෝධතා පාගමනට එක්ව සිටිති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles