ජනාධිපතිගේ ආර්ථික සභාවේ සහායට ධම්මික පෙරේරා ඇතුළු 14 දෙනෙකුගෙන් උපදේශක කමිටුවකුත් පත් කරයි

0
557

ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා උපදේශක කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අද (මාර්තු 15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

එම උපදේශක කමිටු සාමාජිකයින් පහතින් දැක්වේ.

  1. මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න
  2. මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද
  3. ආචාර්ය දුෂ්නි වීරකෝන්
  4. ධම්මික පෙරේරා
  5. ක්‍රිෂාන් බාලේන්ද්‍ර
  6. අෂ්රෆ් ඔමාර්
  7. ආචාර්ය හාන්ස් විජේසූරිය
  8. විශ් ගෝවින්දසාමි
  9. එස්. රෙන්ගනාදන්
  10. රංජිත් පේජ්
  11. සුරේෂ් ද මෙල්
  12. ප්‍රභාෂ් සුබසිංහ
  13. දුමින්ද හුලංගමුව
  14. සුජීව මුදලිගේ

“ආර්ථික සභාවක්” පිහිටුවීමට සහ එම සභාව සතිපතා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ තීරණයට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි විය.

ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළු දේශීය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව වඩා ත් ගැඹුරින් සාකච්ඡා කර මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම මෙම සභාවේ අරමුණු වේ.

එම සභාවේ සභාපතීත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දරන අතර ජනාධිපති සහ අගමැති ඇතුළු එම සභාවේ සිටින සාමාජිකයින් ගණන 11කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here