ඉදිරි කාලය සඳහා අවශ්‍ය ඩීසල් හා බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය

0
572

2022 ජුනි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා මාස 7කට මෙරටට බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව එලෙස නිර්දේශය ලබා දී ඇත්තේ, අදාළ ප්‍රසම්පාදනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී. එම්.සී.සී. සමාගම වෙත පිරිනැමීමටයි.

එකී නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගම වෙත පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම 2022.03.01 සිට 2022.10.31 දක්වා මාස 08ක කාලයක් ඩීසල් (උපරිම සල්ෆ ප්‍රතිශතය 0.05) ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුවද ඉහත සමාගමටම දීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here