Monday, September 23, 2024

තාර්කිකව සිතා බලා කටයුතු කළ යුතුයි- වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේදී එය ජාතික ප්‍රතිපත්තියක් මත පමණක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය. ආයුධ මගින් යුද්ධ කර රටවල් යටත් කරගැනීම වර්තමානයේදී නවතා තිබෙන බවත්, අද රටවල් යටත්කර ගැනීම සඳහා අනුගමනය කරන්නේ  වෙළෙඳ ගිවිසුම් ඇතුළු ගිවිසුම් බවද අද (17දා) පැවති උත්සවයකදී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේය.

මේ නිසා ඉන්දු, ලංකා ගිවිසුම අත්සන් කිරීමේදී එම කටයුතු සිදුකරන පිරිස් මොළය ක්‍රියාත්මක කර තාර්කිකව සිතා බලා කටයුතු කළ යුතු බවද සඳහන් කළේය.

එහෙත් සමහර දේශපාලඥයන්ට මොළයක් තිබුණත් තාර්කිකව සිතා බලා කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය‍.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles