Monday, September 23, 2024

යාපනය සිදුවීමෙන් ජාතිවාදය අවුස්සන්න එපා – ශිෂ්‍ය සංගම් ඉල්ලයි

යාපනය විශ්වවිද්‍යාලය තුළ සිදු වූ ගැටුම් පදනම් කර ගනිමින් ජාතිවාදය ඇවිස්සීමට කටයුතු නොකරන ලෙස ශිෂ්‍ය සංගම් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියි.

යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ උත්සවයක් අතරතුර සංස්කෘතිකාංගයක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙන බවද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

දෙපිළකට බෙදී ගැටුම් ඇතිකර ගැනීම අනුමත නොකරන බවත්, එවැනි ගැටුම් මූලික කර ගනිමින් යම් යම් පිරිස් ජාතිවාදය වැපිරීමට ගන්නා උත්සාහ දැඩිලෙස හෙළාදකින බවත් එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා කියා සිටියේය.

ජාතිවාදය සැමදා සේවය කළේ සටන් කරන බලවේගවලට නොව ඊට එරෙහි පාලකයන්ට බවත්, මේ නිසා ජාතිවාදය සරසවි බිමෙන් පමණක් නොව රටිනුත් තුරන් කළයුතු බවද සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles