ගම්මන්පිල⁣ මැතිවරණයේදී චමල් පරදන්න බැසිල් වැඩ කල හැටි හෙළිකරයි

0
280

1982 මුල්කිරිගල ආසනයේ අතුරු මැතිවරණයේදී චමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරද්දී ප්‍රතිවාදී එජාපයෙන් ඉදිරිපත්වූ ආනන්ද කුලරත්න මහතාගේ මැතිවරණ කළමනාකරුවා ලෙසින් බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.
එදා චමල් රාජපක්ෂට එරෙහි වූ බැසිල් මෙදා ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනිකව ඝාතනය කරමින් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක වැඩසටහනක් හා එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රට බංකොලොත් වූවා නොව සිතාමතාම බංකොලොත් කළ බවයි. පසුගිය වසරේ ආනයනය සඳහා බිලියන 21 වියදම් කළ අතර ඉන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කර ගත්තා නම් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සැපයීමට තිබුණු බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

මෙම ඩොලර් ප්‍රශ්නයට වගකිව යුත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බවත් ඔහු සිතාමතාම රටේ ආර්ථිකය බිඳ වට්ටමින් සිටිනුයේ බෙලහීන වන ශ්‍රී ලංකාව තුළ විදේශ ආධිපත්‍ය ගොඩනැගීමට බවත් පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී ප්‍රකාශකර සිටියේය.

කාලීන දේශපාලන අර්බුදයේ තිරය පිටුපස රහස් රැසක් උදය ගම්මන්පිල මහතා මෙහිදී හෙළිදරව් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here