ඉන්ධන බවුසර් හිමියෝ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

0
497

ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන තිබෙන බව ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය කීය.

ඛනිජ තෙල් පෞද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වී එම වර්ජනය ආරම්භ කර තිබුණි.

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් සිය ගාස්තු සියයට 60කින් ඉහළ දමන ලෙස ඛනිජ තෙල් සංස්ථාවෙන් කළ ඉල්ලීමට නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් එම තීරණයට එළඹි බව ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here