හඳට යන්න හදන ලොව බලවත්ම රොකට්ටුව ඇමරිකාව එළිදක්වයි

0
477

සඳ තරණය කිරීම වෙනුවෙන් ඇමරිකාව විසින් සූදානම් කර තිබෙන යෝධ රොකට්ටුව මුල් වරට ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් ප්‍රදර්ශනය කර තිබෙනවා.

අඩි 322 ක් උසැති මෙම රොකට්ටුව ඇමරිකානු නාසා ආයතනය විසින් මුල් වරට එළි දක්වා තිබෙනවා.

අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධතිය හෙවත් එස්,එල්.එස් ලෙස හඳුන්වන මෙම රොකට්ටුව ඇමරිකාවේ ෆ්ලොරීඩා වල පිහිටා තිබෙන කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගෙනැවිත් තිබෙන බව වාර්තා වෙනවා.

රොකට්ටුව දියත් කිරීමේ පරීක්ෂණයක් සඳහා එය සූදානම් කර ඇති අතර, එම පරීක්ෂණය සාර්ථක වුවහොත් එය කාර්ය මණ්ඩලයක් නොමැතිව වුවත් සඳ කරා යැවීමට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here