වසර අගදි ඩොලර් එනවා. එතකං ගෑස් ඉන්ධන හිඟය විසඳීමට වසර අවසන් වනතුරු ඉවසන්න

0
522

ජනතාව මේ වසර අවසාන වන තෙක් ඉවසීමෙන් සිටිය යුතු බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.


මේ වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවට ඩොලර් ටිකක් එන බවත් එම ප්‍රමාණය පැමිණි වහාම ඉන්ධන මිල අඩු කරන බවත් හෙතෙම පැවසීය.

එහිදී අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ මේ වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවට ඩොලර් ටිකක් එන බවත් එම ප්‍රමාණය පැමිණි වහාම ඉන්ධන මිල අඩු කරන බවත්ය.


එමෙන්ම එම කාලයේදී ගෑස් පෝලිම් අවසන් වනු ඇති බවත්, විදුලිය කප්පාදුවක් සිදු නොවනු ඇති බවත් පැවසූ ඔහු එම කාලය වන තෙක් ටිකක් ඉවසීමෙන් ඉන්නැයිද ඉල්ලා සිටියේය.


හෙතෙම මේ බව කියා සිටියේ අනුරාධපුර කලාවැව ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here