ඉන්දියාවෙන් ලැබුණු ණයෙන් වරායේ සිරවූ අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කරයි

0
568

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව ලැබුණු ඇමරිකානු ඩොලර් බිලියනයක මුදල් හරහා වරායේ මේ වන විට මුදල් ගෙවා ගත නොහැකිව සිරවී තිබෙන භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ ඉන්දියාව සමඟ භාණ්ඩ ලබාගැනීම සඳහා පසුව ගෙවීමේ ක්‍රමය යටතේ ණයක් ලබාගෙන ඇති බවයි.

ඊයේ (18) දින‍යේ දී මෙතෙක් වරායේ සිරවී තිබෙන භාණ්ඩ තොග ඉන්දියානු ණය ගිවිසුම ප්‍රකාරව නිදහස් කිරීම ආරම්භ කරන ලෙස ‍වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්වරියට තමා උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ, බෙහෙත්, කර්මාන්ත සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය යන දේවල් විනිමය දුෂ්කරතාවයකින් තොරව ඉදිරි සති දෙක තුළ ලබාගැනීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here