මහනුවර ඉන්ධන පෝලිමකදී ඇද වැටීමෙන් 71 හැවිරිදි පුද්ගලයෙකු මියයයි.

0
407

මහනුවර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් භූමිතෙල් ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකු පෝලිමේ රැඳී සිටියදී අධික උෂ්ණත්වය හේතුවෙන් ඇදවැටී අද (මාර්තු 19) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

එම පුද්ගලයා වහාම මහනුවර ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ වත්තේගම, උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here