Tuesday, April 30, 2024

ඇමරිකානු ගුවන් හමුදා යානයක් නෝර්වේ රාජ්‍යයේදී අනතුරකට ලක්වෙයි

ඇමරිකානු හමුදා ගුවන් යානයක් නෝර්වේ රාජ්‍යයේදී අනතුරට ලක්වීමෙන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම යානය නෝර්වේ රාජ්‍යයේ බොඩෝ ප්‍රදේශයට කඩා වැටී ඇති අතර එම යානයේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනාම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නේටෝ සංවිධානයේ පුහුණු අභ්‍යාසයක් සඳහා සහභාගි වෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.

ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ නේටෝ සංවිධානයේ පුහුණු අභ්‍යාසයක් සඳහා සහභාගී වී සිටියදීයී.

අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර එය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූවක් විය හැකි බවට බලධාරීන් සැක පළ කරනවා.

නෝර්වේ රාජ්‍යයේ බොඩෝ ප්‍රදේශයට යානය කඩා වැටී ඇති අතර එහිදී යානයේ ගමන් කළ සිව්දෙනාම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නේටෝ සංවිධානයේ පුහුණු අභ්‍යාසයක් සඳහා සහභාගීවී සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්ය.

අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර එය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූවක් විය හැකි බවට බලධාරීන් සැක පළ කරයි.

නේටෝ සංවිධානය විසින් පවත්වන මෙම පුහුණු අභ්‍යාසය සඳහා රටවල් 27ක් නියෝජනය කරමින් 30,000 සක පමණ භට පිරිසක් එක්වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles