ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළට

0
300

මෙරට පවතින වත්මන් දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ තවත් මිල ඉහළ යාමක් පිළිබදව වාර්තා වෙයි.ඒ ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තුය.

තාක්ෂණ අමාත්‍යංශය සඳහන් කළේ ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ නැංවීම පිළිබදව දුරකථන සමාගම් ඒ පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කළ බවය.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 30 කින් පමණ අවප්‍රමාණය වීමත් සමඟ එලෙස ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු ඉහළ දමා ඇත.

කෙසේවෙතත් දේශීය ඇමතුම් ගාස්තු හෝ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් අවසර දී නැතැයි තාක්ෂණ අමාත්‍යංශය තව දුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here