කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු ඇද වැටී මිය යයි.

0
618

කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පුද්ගලයකු අද(20) දහවල් ඇද වැටී මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝළිමක සිටි අයෙකු එලෙස ඇද වැටී මියගොස් ඇති බවයි.

ඇද වැටුණු පුද්ගලයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාකොළ ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක්.

ඒ අනුව මෙම පුද්ගලයා මෙරට ඉන්ධන පෝලිමක සිට මියගිය දෙවන පුද්ගලයා ලෙස වාර්තා වනවා.

ඊයේ(19) දිනයේ මහනුවර ප්‍රදේශයේදී භූමිතෙල් ලබා ගැනීම සඳහා පෝලිමක සිටි පුද්ගලයකු ද ඇද වැටී මියගිය අතර ඔහු 71 හැවිරිදි වියේ පසුවූ වත්තේගම, උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුදේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here