සිව්වෙනි ඉන්ධන පෝලිම් මරණය මීරිගමින් වාර්තා වෙයි

0
482

මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇතැයි මිරිගම පොලිසිය කියයි.

ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ගලයකු පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇත. අනතුරුව එම පුද්ගලයා කෑන් දෙකක් රැගෙන ගොස් ත්‍රිරෝද රථයෙහි තබා ඇත.

තුන්වෙනි කෑන්එක රැගෙන යමින් සිටියදී  ඔහු එක්වරම බිම ඇද වැටීමෙන් පසු ඒ අසල ආරක්ෂක රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් යුහුසුළුව මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුළත් කරන පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් ඇති බව හෙළි වී තිබේ. මියගිය අය හඳුනාගෙන මරණ පරීක්ෂණය පැවැත්වීමට පොලීසිය කටයුතු කරමින් තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here