Sunday, November 17, 2024

ලංකාව චීනයෙන් තවත් ඩොලර් බිලියන දෙකහාමාරක ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා රජය චීනයෙන් වැඩිදුර මූල්‍ය ආධාර ඉල්ලා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද නිවේදනය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා රජය චීනයෙන් ඩොලර් බිලියන 01ක ණය මුදලක් සහ ඩොලර් බිලියන 1.5ක ණය ආධාරයක් ඉල්ලා ඇති අතර එම ඉල්ලීම සලකා බලමින් සිටින බව මෙරට චීන තානාපති කී සෙන්හොංග් පවසනවා.

සාකච්ඡා කරමින් පවතින ඩොලර් බිලියන 1.5 ක ගැනුම්කරුගේ ණය ඇතුළුව තවත් ඩොලර් බිලියන 2.5 ක් ශ්‍රී ලංකාව ඉල්ලා ඇති බව ඔහු තහවුරු කළේය.

චීන තානාපතිවරයා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව අද ( 21) තහවුරු කළේය.

2021දී ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුදල් හුවමාරුව ද ඇතුළුව 2020 වසරේ සිට මේ දක්වා චීනය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් ලබාදී ඇති බවත් චීන තානාපතිවරයා පැවසීය.

ශ‍්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ දී දුෂ්කරතාවයන්ට මුහුණ දීමට ඉඩ නොතබන බවත් ඔහු තවදුරටත් සඳහන් කරන ලදි.

ශ්‍රී ලංකාව චීන සංවර්ධන බැංකුවට ඇමෙරිකානු ඩොලර් මිලියන 53.596ක්, ජාතික ජල මණ්ඩලයට ඇමරිකානු ඩොලර් මිලියන 17ක් සහ චීන එක්සිම් බැංකුවට ඇමෙරිකානු ඩොලර් මිලියන 386.19ක් ගෙවීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ෂිහාර් අනීස් වාර්තා කළේය.

2022 මාර්තු 18 සිට 21 දක්වා ගෙවීම් කළ යුතු බවත්, මෙම ගෙවීම් ශ්‍රී ලංකා රජය විසින් තවමත් පියවා නොමැති බවත් ඔහු පැවසීය.

අනීස් පැවසුවේ මූලාශ්‍රවලට අනුව මෙම ගැටලු විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි.

වාර්තා වී ඇති පරිදි කල් ඉකුත් වූ ගෙවීම් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසුවේ, ණය දෙන්නන්ට අනුව, ශ්‍රී ලංකා රජය විසින් පසුගිය සතියේ ණය පියවා ඇති බවයි.

වසර 70කට පෙර චීනය පහත්ම තත්ත්වයට පත් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාව චීනයට උදව් කළ බැවින් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වයෙන් චීනය ප්‍රයෝජන නොගන්නා බවට ද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහතික වී තිබේ.

ශ්‍රී ලංකාව සහ චීනය ඉතා හොඳ මිතුරන් බවත් අර්බුදකාරී අවස්ථාවක චීනය මිතුරන් අත් නොහරින බවත් හෙතෙම පැවසීය.

දෙපාර්ශ්වය අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුමෙන් චීනය වැඩි වාසි ලබාගැනීමට බලාපොරොත්තු නොවන බව ද හෙතෙම එහිදී කීය.

මීට වසර 70 කට පෙර චීනය වැටී සිටි තත්වයේදී ශ්‍රී ලංකාව උපකාර කල ආකාරය අමතක නොවන බවයි චීන තානාපතිවරයා කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ යාවත්කාලීනයක් ලබාදෙමින් චීන තානාපතිවරයා පැවසුවේ, දැනට ක්‍රියාත්මක කොළඹ වරාය නගරයේ චීන සමාගම් ඇමරිකානු ඩොලර් බිලියන 1.05 ක පමණ ආයෝජනය කර ඇති බවත්, මීට අමතරව යෝජිත හම්බන්තොට කාර්මික කලාපයේ ආයෝජන සිදු කිරීමට සමාගම් 43 ක් කැමැත්ත පළකර ඇති බවත්ය. ඒ හරහා තවත් රැකියා විශාල ප්‍රමාණයක් බිහිකර ගත හැකි බවද තානාපතිවරයා ප්‍රකාශ කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles