පෙබරවාරි මාසයේ මෙරට උද්ධමනය ඉතිහාසයේ ඉහළම අගයට යයි

0
423

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය පෙබරවාරි මාසයේ සියයට 17.5 දක්වා මෙතෙක් වාර්තා වූ ඉහළම අගය සටහන් කර තිබෙනවා.

මෙරට ඉතිහාසයේ වාර්තා කල ඉහළතම උද්ධමන ප්‍රතිශතය එයයි.

ජනවාරි මාසයේදී එය සටහන් වූයේ සියයට 16.8ක් ලෙසයි. පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 24.7 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසියාතික කලාපීය රාජ්‍යයන් අතරින් ශ්‍රී ලංකාව උද්ධමනය වැඩි ප්‍රමුඛතම රාජ්‍යය ලෙස ද ලැයිස්තුගත වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here