ගෑස් නිසා රත්ගම රත්වෙයි. මිනිස්සු ගෑස් ලොරියක් නවත්වයි.පාරත් වහයි.

0
584

රත්ගම මහජන පොළ ඉදිරිපිට අද (22) ගෑස් පෝලිමේ සිටි පුද්ගලයින් කොළඹ සිට ගාල්ල දෙසට ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණ රථයක් නවත්වා ගෑස් බාගැනීමට උත්සාහ කිරීමත් සමග එම ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇත.

මෙම තත්ත්වය නිසා රත්ගම සහ කුමාරකන්ද අතර බස් ධාවයන නොවෙන අතර ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙන බස් රථ රත්ගම හන්දියෙන් හරවා කුමාරකන්ද වෙත යවන බවද කොළඹ සිට එන බස් රථය එලෙසම කුමාරකන්දෙන් හරවා රවුම් පාරෙන් රත්ගම හන්දිය වෙත යොමුකරමින් ඇතැයි වාර්තා වෙයි

ලංකාව පුරාම මෙලෙස ගෑස් සහ ඉන්ධන ලබාගැනීමේදී ජනතා කළකෝළහල ඇතිවී ඇති අතර මේ වනවිට ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයින් 4 දෙනෙක් මරණයට පත්වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here