ඉන්දියාවෙන් ණය අරන් ගම් දාහතරදාහක පොහොට්ටු කඩ දාලා පොහොට්ටු සාමාජිකයන්ට කූපන් දීලා ආණ්ඩුව කරන්න යන වැඩේ මොකක්ද? – සජිත් අසයි

0
333

ඉන්දියාවෙන් ලබාගත් ණය මුදලින් ගම්මාන දාහතරදාහක පොහොට්ටු සාමාජිකයෙකු බැගින් තෝරාගෙන වෙළඳසැල් ආරම්භකොට පොහොට්ටු සාමාජිකයන්ට කූපන් ලබා දී ඒ වෙළඳසැල්වලින් භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමට ආණ්ඩුව කටයුතු යොදමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ මොහොතේ රටේ සියලුම දෙනා බරපතළ ව්‍යසනයකට මැදිව සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා එවන් තත්ත්වයක් තුළ පෝලිම්වල දුක් විඳින ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි විමසා සිටි අතර ,ඒවාට විසඳුම් ලබා දෙනවා වෙනුවට පටු බල දේශපාලන උපාය මාර්ග වෙනුවෙන් රට බිල්ලට දෙමින් සිටින බවද පැවසීය.

මේ මොහොතේ රටේ සියලුම දෙනා බරපතළ ව්‍යසනයකට මැදිව සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එවන් තත්ත්වයක් තුළ පෝලිම්වල දුක් විඳින ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි විමසා සිටින බවයි. ඒවාට විසඳුම් ලබා දෙනවා වෙනුවට පටු බල දේශපාලන උපාය මාර්ග වෙනුවෙන් ආණ්ඩුව රට බිල්ලට දෙමින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here