Sunday, September 22, 2024

අගමැති – සිංගප්පූරු අගමැති හමුවෙයි

සිංගප්පූරුවේ තෙදින නිල සංචාරයකට එක්වට සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලි ෂියෑන් ලූන් මහතා අතර ද්විපාර්ශ්වීය හමුව සිංගප්පූරු ජනපති නිල නිවස වන එස්ටානා හි පැවැත්විණ.

සිංගප්පුරුවේ හමුදා උත්තමාචාර මාධ්‍යෙය් අගමැතිවරයා පිළිගත් අතර පසුව ද්විපාර්ශ්වීය සාකාච්ඡා පැවැත්විය. සිංගප්පුරු අගමැති හා ජනපති ටෝනි ටෑන් මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වූ අගමැතිවරයා පසුව දෙරටට වැදගත් ගිවිසුම් පහකට අත්සන් කරනු ලැබීය.

රටවල් දෙක අතර නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් කිරිම සඳහා වූ අවබෝධතා ගිවිසුමක්, සංස්කෘතික හුවමාරු වැඩසටහන් පිළිබඳ අවබෝධතා ගිවිසුමක්, රාජ්‍ය සේවක හැකියා වර්ධනය පිළිබඳ ගිවිසුමක්, බස්නාහිර මහා නගර සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක්, වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් මෙහිදී අත්සන් කරනු ලැබීය.

ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා විසින් පිරිනමන දිවා භෝජන සංග්‍රහය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස එක්වූහ.

මහාචාරය මෛත්‍රී වික්‍රමසිහ, අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, මංගල සමරවිර, දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles