රුපියල මස්තබාල්දු කරමින් තවත් ඉහළ යන ඩොලරය

0
588

අද මෙරට පුද්ගලික බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 290 විකුණුම් මිලක් නියම කර තිබෙනවා.

ගැණුම් මිල ලෙස රුපියල් 275 මිලක් නියම වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන් ලෙස ගැනුම් මිල 272ක් සහ විකුණුම් මිල 282ක් ලෙස පවතී.

මේ අතර කොළඹ විනිමය හුවමාරු කරන ඇතැම් ස්ථානයන්හි ඩොලරයක් විකිණෙන්නේ රුපියල් 310 ඉක්මවූ මිලකටයි.

මෙම තත්ත්වය තුළ ඉදිරියේදී අර්බුදය තවත් උග්‍ර වන බවයි ආර්ථික විශේෂඥයින් පවසන්නේ.

පහත දැක්වෙන්නේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව අද (23) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දැක්වුණු ආකාරයයි

ලංකා බැංකුව – රු. 285.00

මහජන බැංකුව – 289.99

කොමර්ෂල් බැංකුව – 285.00

සම්පත් බැංකුව – 290.00

සෙලාන් බැංකුව – 290.00

HNB – 285.00

NTB – 285.00

DFCC – 287.00

අමානා බැංකුව – රු. 299.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here