පාකිස්ථානයෙන් ඉරානයට ආයාචනයක්.

0
637

හුවමාරු වෙළඳාම , ආහාරයට ගත හැකි ද්‍රව්‍ය සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සැපයීම සඳහා තම රට සමග වන ගාර් දේශසීමා දොරටුව විවෘත කරන ලෙස පාකිස්තානයේ බලධාරීන් ඉරාන රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එරට ප්‍රාදේශීය බලධාරීන් පිරිසක් පසුගියදා පන්ජ්ගුර් හි දී ඉරාන දේශසීමා බලධාරීන් හමුවී මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව පාකිස්තාන ඩෝන් පුවත්පත වාර්තා කරයි.

මේ වනවිට පකිස්තානයේ පවතින ඉහළ උද්ධමනය සහ ආර්ථික ගැටලු හේතුවෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ..

ප්‍රදේශයේ පකිස්තාන වැසියන්ට ඇති ජලය සහ විදුලිය පිළිබඳ ගැටළු විසදා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති බව සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here