Sunday, September 22, 2024

යාපනය සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි – ඇමැති පාඨලි

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහරදුන් ශිෂ්‍ය කණ්ඩායම් හෝ වෙනත් අය සිටීනම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු සිය නවක ශිෂ්‍යාවන්ට කලිසම් අඳින්නට එපා යැයි කියමින් නවක වදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූවා නම් යාපනය විශ්වවිද්‍යාලයේ පහරදීම් සිදු කර සිසුන්ට බරපතළ තුවාල කළ අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයිද යන්නයි.

මෙවැනි සිද්ධීන් මුලදීම පරාජය කළ යුතු බවත් සාමය සහජීවනය, නිදහස සහ අයිතිය පිළිබඳව කතා කරන සියලු දෙනා රටේ සංස්කෘතික නිදහස ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් විය යුතු බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.

එසේ නොමැතිනම් හෙට දිනයේදී මෙම තත්ත්වයන් ගැටළු රැසක් ඇති කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

වෙන්නපුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම ගැටුම්කාරී තත්ත්වය ආරම්භයේදීම පාලනය කළ යුතු බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles