ඉස්ලාම් ලෝකය චීනයේ මුස්ලිම්වරැන්ගේ නොසළකා හැරි බවට ‍චෝදනා

0
744

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) විදේශ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ 48 වැනි සැසිවාරයේ දී දිගුකලක් තිස්සේ චීනයේ දැඩි මර්දනයන්ට මුහුණ දෙන මුස්ලිම් සම්භවයක් සහිත උයිගුර්වරුන් පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවට මුස්ලිම් හිමිකම් සංවිධාන ගණනාවක් චෝදනා නගා තිබේ.

ඒ වෙනුවට ඉස්ලාම් සහයෝගිතා සංවිධානය, එහි සාමාජිකයකු නොවන චීනය ඊට සහභාගී කරවා ගැනීමට කටයුතු කර ඇති බවට ද එම සංවිධාන චෝදනා කරයි.

සමුලුවට සමගාමීව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) මහලේකම් Hissein Brahim Taha සහ චීනයේ විදේශ අමාත්‍ය Wang Yi අතර හමුවක් ද සිදුව තිබූ අතර එහිදී දෙපාර්ශ්වය චීනය සහ මුස්ලිම්වරුන් අතර පවතින ඓතිහාසික සබඳතාව පිළිබඳව සාකච්ඡා කර තිබේ.

සමුළුවේදී විවිධ කරැණු 100 කට ආසන්න සංඛ්‍යාවක් පිළිබද මෙහිදී සාකච්ඡා කර ඇති බව පැවසේ.

‍එහෙත් එහිදී චීනයේ ජීවත්වන උයිගුර් ඇතුලු මුස්ලිම් කණ්ඩායම්වල ගැටලු මෙන්ම පාකිස්තානයේ ෂියා මුස්ලිම්වරුන් මුහුණ දී සිටින ගැටලු පිළිබද කිසිදු අවධානයක් යොමුකර නොමැති බව මානව හිමිකම් සංවිධාන ගණනාවක් විසින් චෝදනා එල්ල කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here