වැඩි මිලට භාණ්ඩ වික්ක 200 කට නඩු…

0
359

පාලන මිල ඉක්මවා වැඩි මිලට භාණ්ඩ විකුණූ වෙළෙඳුන් 200 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.පෙරේදා දිනයේ සිට වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් වැටලීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක වැටලීම් සිදුකළ බවයි පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ. එහිදී වෙළෙඳ ස්ථාන පන්සියයක් පමණ පරීක්‍ෂාවට ලක්කර තිබෙනවා. වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් 200 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න අප කළ විමසීමක දී ප්‍රකාශ කළා. පාලන මිල ඉක්මවා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා. එවැනි වෙළෙඳුන් පිළිබඳ 1977 ක්‍ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඊයේ ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here