පකිස්තානයේ හින්දූන් අනතුරේ

0
373


පාකිස්තානයේ පන්ජාබ් පළාතේ හින්දුන් අවසන් වෙමින් වන බවට අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.

එහි හින්දු ආගම බොහෝ දුරට අවසන් වී ඇති බවත් ඉදිරියේ දී එය නැත්තටම නැතිවී යනු ඇති බවත් පර්යේෂිකාවක සහ මාධ්‍යවේදිනයක වන අයේෂා සිද්ධිකා සදහන් කරයි.

පසුගියදා පැවති මාර්ගගත වැඩසටහනක් අමතමින් ඇය සදහන් කළේ පාකිස්ථානයේ හින්දු කාන්තාවන්ගේ තත්ත්වය ඉතා බරපතල බව යි.

මෙම තත්වය 1947 න් පසු ක්‍රමානුකූලව සිදුවූ බවත් මේ වන විට පන්ජාබ්හි හින්දු ජනගහනය සදිකාබාද් සහ රහීම් යාර් ඛාන් හි පවුල් කිහිපයකට පමණක් සීමවා ඇති බවත් ඇය හෙළි කළාය.

පකිස්තානයේ හින්දු කාන්තාවන් මේ වන විට මුහුණදී සිටින බරපතලම ගැටලුව වන්නේ පැහැරගෙන ගොස් ආගම වෙනස් කර බලහත්කාරයෙන් විවාහය සදහා යොදා ගැනීම බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here