බැසිල් රාජපක්ෂ අගෝස්තු 1දක්වා රිමාන්ඩ්

0
373

.හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අගෝස්තු 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දිවිනැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව අද(18)පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබිණි.

එහිදී අත්අඩංගුවට ගනු ලැබූ රාජපක්ෂ මහතා අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here