පාකිස්තානයේ ණය අනුපාතය තවදුරටත් ඉහළට

0
564

පාකිස්තානයේ ණය ප්‍රමාණය, එරට දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස තවදුරටත් ඉහළ නංවමින් එරට ආර්ථිකය බරපතල අවදානමක‍ට හෙළා ඇතැයි විදෙස් වාර්තා පවසයි

ආසියානු සංවර්ධන බැංකු වාර්තාවක් මගින් අනාවරණය කර ඇත්තේ, 2019 දී සියයට 86 ක් එය කලාපයේ ඉහළම ණය අනුපාතය සටහන් කරමින් 2020 දී සියයට 88 දක්වා වැඩි වී ඇති බවයි.

මධ්‍යම ආසියා කලාපීය ආර්ථික සහයෝගීතාවය යටතේ 2020 දී ලබාදී ඇති මුළු ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 15ක් හෝ සියයට 7කට ආසන්න ප්‍රමාණයක් ලෙස තුන්වන ඉහළම ණය සේවාව පාකිස්තානයට සපයා ඇති බව ද එම ආසියානු සංවර්ධන බැංකු වාර්තාවේ දැක්වේ.

මෙම තත්වය පාලනය කිරීම සදහා වහාම විධිමත් මූල්‍ය පාලන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස . ආසියානු සංවර්ධන බැංකුව පකිස්තානය වෙත අදාළ වාර්තාව මගින් යෝජනා කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here