ඇමරිකාව ඉන්දියානු සංචාර පිළිවෙත ලිහිල් කරයි

0
581

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉන්දියාව සඳහා වන සංචාරක උපදේශනයේ ඉන්දියාවට ගමන් කිරීමේ අවධානම් මට්ටම 3 සිට 2 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම උපදේශනය මගින් පෙන්නුම් කරන්නේ ඉන්දියාව දැන් යථා තත්ත්වයට පත්වී ඇතැයි යන්න එක්සත් ජනපදයේ විශ්වාසය වී ඇති බව යැයි විදෙස් වාර්තා පවසයි.
කෙසේවෙතත්, ඇමරිකානු එක්සත් ජනපදය පසුගියදා නිකුත් කළ නව සංචාරක උපදේශයේ දැක්වෙන්නේ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල සංචාරය කිරීමේදී වැඩි අවධානයෙන් ක්‍රියා කළ යුතු බවයි.

විශේෂයෙන් ජම්මු සහ කාශ්මීරයේ, ඉන්දියා-පකිස්තාන දේශසීමාවෙන් කිලෝමීටර 10 ක් ඇතුළත සීමාවට ගමන් නොකරන ලෙසට ද එමගින් උපදෙස් ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here